Saturday, May 4, 2024

ගැටුම්කාරී ප්‍රකාශ හා ඡායාරූප ඉවත්කිරීමට ෆේස්බුක් තීරණය කරයි.

Must read

102002782-facebook_trans_NvBQzQNjv4BqhasgUMiR-rxiRxu9qBoVLQpcDfsC-seRM-lm2nZ7XJA

මතබේදකාරී සහ ගැටුම්කාරී තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියෙන් ඉවත්කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව ෆේස්බුක් සමාගම ඊයේ (18) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පසුගිය කාලයේදී ශ්‍රීලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක විවිධාකාරයේ ගැටළුකාරී තත්වයන් ඇතිකිරීමට ෆේස්බුක්  වෙබ්‍ අඩවිය තුළ පළ වූ ඇතැම් ප්‍රකාශ හේතු වූ අතර මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.මින් පෙර සිට ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා අනුබල ලබාදෙන ආකාරයේ ඉදිරිපත්කිරීමක් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම ක්‍රියාත්මක වූ අතර මෙම නව පියවර යටතේ  ශාරීරික හිංසනය ඇති කිරීමට හේතුවන ව්‍යාජ ප්‍රවෘත්ති ඉවත් කිරීමද ඉදිරියේදී සිදුවනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article