Thursday, May 16, 2024

දේශපාලන රැකවරණ පැතූ ශ්‍රී ලාංකිකයෙක් ක්‍රිස්මස් දූපතේදී ජීවිතක්ෂට,එරට රජයට චෝදනා..

Must read

දේශපාලන රැකවරණ පතා ක්‍රිස්මස් දූපත වෙත පැමිණි ශ්‍රී ලාංකිකයෙකු එහිදී මියගොස් තිබෙනවා. ඔහු ක්‍රිස්මස් දූපත වෙත පැිණි පසු උෟග්‍ර ඇදුම තත්වයකට මුහුණ දී ඇති අතර එම දූපතේ ආගමන මධයස්ථානයේ පැවැති වෛද්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් මෙම මරණය සිදුවී ඇතැයි මේ වන වි අනාවරණය වී තිබෙනවා.

r549154_3239113

2012 වසරේදී මෙරට ඇතිවූ යුධමය වාතාවරණය නිසා මාස 6ක කාලයක් තිස්සේ බොට්ටු දෙකකින් ගමන් කර ඉන්පසු මාස තුනක පමණ කාලයක් සුමත්‍රා දූපතේ සරණාගත කදවුරක සිටිමින් ඔස්ට්‍රේලියාව වෙත  පැමිණි අරුල්සේවම් වෙල්මුරුගු නැමැති පුදගලයෙකුයි මේ ලෙස මියගොස් ඇත්තේ. 35 හැවිරිදි මේ පුද්ගලයාට මින් පෙර මෙඩෑන් ප්‍රදේශයේදීද දරුණු ලෙස ඇදුම රෝගය වලදී ඇති අතර එහිදී ලබදුන් වෛද්‍යප්‍රතිකාර මගින් සුවවී සියදී නැවතත් ක්‍රිස්මස් දූපතේදී තත්වය බරපතල වීමෙන් හා වෛද්‍යප්‍රතිකාර නිසි ලෙස නොලැපීමෙන් ජිවිතක්ෂ්‍යට පත්ව තිබෙනවා.

මේ සිදුවීම වාර්ථා කරමින් මාධ්‍ය කියා සිටින්නේ රජය විසිනි පත්කල සෞඛ්‍ය සේවාවන් සැපයීමේ කොන්ත්‍රාත්කරුවිසින් අවශය පහසුකම් හා ඵලදායී උපකරණ භාවිතා නොකිරීම නිසා මේ මරණය සිදුවී ඇති බවයි.

http://www.dailymirror.lk ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article