Thursday, May 16, 2024

දෙමළ දේශපාලන සිරකරුවන් 21 දෙනෙකුට කිසිදු චෝදනාවකින් තොරව නිදහස…

Must read

 

 

LTTE සංවිධානය යළි ගොඩනැගීමට සම්බන්ධ බවට සැකපිට 2014 වසරේ උතුරු පළාතේ සහ කොළඹදී අත්අඩංගුවට ගත් දෙමළ දේශපාලන සිරකරුවන් 21 දෙනෙකු කිසිදු චෝදනාවකින් තොරව ඊයේ (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කරන ලදි

සැකකරුවන් 21 දෙනාගේ නඩුව අඟහරුවාදා (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ වී.එස්.නිරන්ජන් සහ නීතිඥ රනිතා ඥානරාජ් යන අය පෙනී සිටියහ.

මෙම පුද්ගලයන් 21 දෙනා 2014 වසරේදී ත්‍රස්ත මර්දන ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වවුනියාව, කිලිනොච්චිය, බූස්ස  යන ත්‍රස්ත මර්දන ඒකකයේ කඳවුරුවල රඳවාගෙන තිබුණි.

 

එස්.ආර්.ලැම්බර්ට්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article