Friday, May 17, 2024

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ බිස්කට් තහනම ගැන අසංක ගුරුසිංහ කථා කරයි.

Must read

14887579361

විවේක කාමරය තුල බිස්කට් ආහාරයට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට මින් පසු අවසරයක් නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පවසනවා.

ඉහත තීරණය සම්බන්දයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් හා අසංක ගුරුසිංහ මහතා අතර ගැටුමක් ඇතිවූ බවට යන කටකථාවට පිලිතුරු සපයමින් ඔහු සදහන් කර ඇත්තේ ක්‍රීඩකයන් තරගයක් අතරතුර ලබගන්නා ආහාර පිලිබදව පාලනය ඇත්තේ පුහුණුකරුට හා භෞතචිකිත්සතවරයාට වන බවත් ඔවුන් විසින් බිස්කට් ආහාරයට ගැනීම ක්‍රීඩකයන්ට තහනම් කල බවයි. පසුගිය දිනක ක්‍රීඩක විවේක කාමරයේ ක්‍රීඩකයන් විසින් ආහාරයට ගත් බිස්කට් තිබෙනු තමන් දුටු බවත් ඒ නිසා ක්‍රීඩකන්ට ආහාර සපයන ආයතනයට ක්‍රීඩකයන් වෙත බිස්කට් ලබානොදෙන ලෙස දැනුම් දුන් බවත් ගුරුසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත. එලෙසම ක්‍රීඩකයන් හා තමන් අතර කිසිදු ගැටුමක් ඇති නොවුන බවත්,එසේ බිස්කට් තම විවේක කාමරයේ ඇති බව ක්‍රීඩකයන් දැන සිට නැති බවත්  ඒ මහතා වැඩිදුරටත් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

එලෙසම මේ කටකථාව පිලිබදව ක්‍රීඩකයන් විසින් දැනගත් විට ඔවුන් තමන්ට දුරකථනයෙන් කථාකර එය ගනන් නොගන්නා ලෙස දැන්වූ බවත් පවසන ගුරුසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් කළමණාකාරිත්වයෙන් ඉවත් වූ බව හෝ ඉවත්කලබවට වන කටකථාවන් වල සත්‍යතාවයක් නැති බවත් පවසා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article