Thursday, May 2, 2024

දකුණු ආසියාවේ විශිෂ්ඨතම මාතෘ රෝහල ලබන 27 වනදා ජනතා අයිතියට

Must read

දකුණු ආසියාවේ විශිෂ්ඨතම මාතෘ රෝහල ලෙස කරාපිටියේ ඉදිකළ නව මාතෘ රෝහල ලබන 27 වනදා ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ  මහතා පැවසීය.

ඊයේ(02) පැවති 11 වන සුව උදාන ජංගම සෞඛ්‍ය සායනයට එක්වෙමි් අමාත්‍යවරයා මේ බව පැවසීය

 

ගමින් ගමට ගොස් ජනතා සුව සෙත සලසන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ (02) පෙරවරුවේ ගාල්ල, මාපලගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේදී  ආරම්භ කෙරිණි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම ජංගම සෞඛ්‍ය සායනය 2024 වර්ෂයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පවත්වනු ලබන 11 වන  ජංගම සෞඛ්‍ය සායනය වන වේ .

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරට  ග්‍රාමීය  ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම ප්‍රධාන  අරමුණ කර ගනිමින්  දිවයින පුරා පවත්වනු ලබන  “සුව උදාන” ජංගම  සෞඛ්‍ය  සායන වැඩසටහනින්  ග්‍රාමීය ජනතාවට ප්‍රතිකාර සේවාවන් සපයනවා සේම බෝවන හා බෝනොවන රෝග වලින් මෙන්ම නිදන්ගත රෝග වලින් පෙලෙන රෝගීන් හදුනාගෙන ප්‍රතිකාර සිදුකීරීම , ඔවුන් ප්‍රධාන  රෝහල් වල සායන සදහා යොමු කිරීම සිදු කරනු ලබයි.

අද දිනය පුරා පවත්වනු ලබන  මෙම ජංගම  සෞඛ්‍ය  සායනය මගින්, දන්ත සායනය, ජංගම රසායානාගාර සේවා, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පිඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය,  වකුගඩු සායනය, බෝ නොවන රෝග පිළිබද සායනය , සර්වාංග සායනය, ආයුර්වේද සායනය,  සහ චීන කටු චිකිත්සාව ඇතුලු බොහෝ සෞඛය සේවාවන් සපයයි.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල , මහමෝදර  ශික්ෂණ රෝහල ,  කොළඹ ජාතික රෝහල මෙන්ම කොළඹ ජාතික අක්ෂි රෝහල නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන් , වෛද්‍යවරුන් , හෙද හෙදියන්, පරිපූරක හා අතුරු  වෛද්‍ය සේවාවට අයත් හා  කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ මෙන්ම උඩුගම  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ වෛද්‍යවරුන්,හෙදියන් ඇතුලු  සියයකට අධික කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයකින් පැවැත්වෙන මෙම සායනයෙන්  ප්‍රථිකාර සේවාවන් ලබාගැනිම සදහා මාපලගම, මලාමුර, මාරකන්ද, කිරිවැල්තුඩුව, කැටගොඩ, අලුත් ඉහල, කුබුරුහේන, නාවාන්න,පරණ තානායම්ගොඩ, තල්ගස්වල, කලුපොත , වැනි ගම්මාන වල  විශාල  ජනතාවක් අද පෙරවරුව වන විට සහභාගී වී  සිටි අතර  අද දිනය තුළ දහසකට ආසන්න   ජනතාවක්  සුව සේවා ලබාගැනීමට පැමිණෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරයි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත  අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ …..

දකුණු ආසියාවේ විශිෂ්ධතම මාතෘ රෝහල ලෙස කරාපිටියේ ඉදිකල නව මාතෘ රෝහල මේ මස 27 වනදා අති ගරු ජනාධිපතිතුමා අතින් සුව සේවා  පද්ධතියට එකතු කරන බවයි .

එමෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහලේ  මේවන විට සිදු කරන  සංවර්ධනයෙන් එල‌බෙන 2025 වර්ෂයේදී සිට කිසිදු නේවාසික ප්‍රතිකාර රෝගියෙක් ඇදක් නොමැතිව බිම නිදා ගැනීමට සිදු නොවන බවත්, කරාපිටිය ශික්ෂණ රෝහල සංවර්ධනය කරනවා සේම ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රොහල් සංවර්ධනය කිරීමටත් පියවර ගෙන තිබෙන බවද පැවසීය .

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අපේ රටේ ග්‍රාමීය  ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුනු කිරීම   අරමුණ කර ගෙන   දිවයින පුරා පවත්වන   “සුව උදාන” ජංගම  සෞඛ්‍ය  සායන වැඩසටහනින් ගම්වල  ජනතාවට විවිධ අංශ වලට අයත් සායන පවත්වා  ප්‍රතිකාර කටයුතු  සිදුකරන අතරම  බෝවන, බෝනොවන රෝග වලින්,  නිදන්ගත රෝග වලින් පෙලෙන අපේ ජනතාව  හදුනාගෙන ඔවුන්  වැඩිදුර ප්‍රතිකාර සදහා  ප්‍රධාන  රෝහල් වල සායන සදහා යොමු කිරීමටත් කටයුතු කරන බවද කීහ.

මෙම අවස්ථාවට මාපලගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ලේල්වල ජිනවංශ හිමි, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල , සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ)  යු.ඒ.එච්.එස් සිසිර කුමාර, නාගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර ලමාහේවා යන මහත්වරුන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩල, ප්‍රජා සංවිධාන නියෝජිතයින්, ප්‍රදේශීය දේශපාලන නායකයින්ද  එක්ව සිටියහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article