Saturday, May 18, 2024

ඩොලර් හංගන් හිටපු අයට වෙච්ච වැඩේ ගැන මහින්ද කියයි !

Must read

දේශපාලන පක්ෂ විසින් කළ ප්‍රකාශ විශ්වාස කිරීම නිසා ඩොලර් සඟවාගෙන සිටි පුද්ගලයින් මේවනවිට බරපතල අසීරුතාවයකට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇතැයි ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර සිටි.

දේශපාලන පක්ෂ විසින් මේ රටට ඩොලර් එවන්න එපා යැයි කියමින් පසුගිය කාලයේ විශාල ප්‍රචාරයක් ගෙන ගිය බවද ඒ දේශපාලන පක්ෂ විශ්වාස කළ විදේශ රැකියාවල නිරත සමහරුන් රටට ‌ඩොලර් එවන්නේ නැතිව සඟවාගෙන සිටි බව ඇමතිවරයා කී බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

මේ වනවිට රුපියල ඉතාමත් ශක්තිමත් වෙමින් තිබෙන අතර ඩොලර් මිලියන 400ක් රටට ලැබීම, සංචාරක කර්මාන්තය හා අපනයනය ආදායම ඉහළ යාම, ණය හා පොලී නොගෙවීම ඊට හේතුවී ඇති බව අමාත්‍යවරයා සදහන් කර සිටින අතර  රුපියල ශක්තිමත් වීම පටන් ගත් මොහොතේම විදෙස් සේවයේ නියුතු ඇතම් ශ්‍රී ලාංකිකයින් සඟවාගෙන සිටි ඩොලර් ආපසු එවීමට පටන් ගෙන තියෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article