Monday, May 20, 2024

ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් භායනක අනාවරණයක්

Must read

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ට රෝග ලක්ෂණ මතුවීමට දින දෙකකට පෙර සිට වෙනත් පුද්ගලයෙකුට වෛරසය පැතිරවීමේ හැකියාව පවතින බව අන්තර්ජාතික නේචර් (Nature) සඟරාව අනාවරණය කරයි.හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයකු වන බෙන්ජමින් කව්ලිං මීට අදාළ අධ්‍යයනයක නිරතව ඇත.

එම අධ්‍යයනයේදී හෙළිවී ඇති ආකාරයට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ මතුවීමට පෙර වයිරසය ව්‍යාප්තවීම පැහැදිලිවම ආරම්භ වේ. ඒ අනුව මෙම ප්‍රභේදය ‘වැළැක්වීම වඩාත් අපහසු’ බව බෙන්ජමින් කව්ලිං ප්‍රකාශ කර තිබේ.

මින් පෙර සාමාන්‍ය කොවිඩ් ආසාදිතයකුට රෝග ලක්ෂණ මතුවීමට දින 6 කට වඩා ගතවන අතර පස්වන දිනයේ මැද භාගයේදී වයිරස ව්‍යාප්තිය (බෝකිරීමේ හැකියාව) ආරම්භවීම සිදුවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article