Monday, September 14, 2026
spot_img

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව පිළිබද කැබිනට් තීන්දුව අද

Must read

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අද(30) රැස්වන කැබිනට් මණ්ඩලයේදි තීරණයක් ගැනිමට නියමිතව තිබේ . මේ සම්බනදයෙන් අදහස් දක්වමින් අමාත්‍ය අනුකමිටුවේ සමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධ සුබවාදී තීරණයක් අද දිනයේ ලබාදෙනු ඇති බවය.

කෙසේ වෙතත් ලංකා ගුරුසංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසන්නේ සුබෝධනී කමිටුවේ නිර්දේශ පදනම් කරගත් යෝජනාවක් මත පමණක් සිය වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබද තීරණයක් ගැනීම සිදුවන බවයි. එසේ නොමැති නම් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේ ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article