Monday, April 29, 2024

ඥානසාර හිමියෝ ජම්පරේ භාර ගනියි

Must read

ජාතීන් අතර අසමඟිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරුව වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ ‘R’ වාට්ටුවට යොමු කර තිබේ. පාර්ලිමේනතු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියේ ද මෙම ‘R’ සිර මැදිරියේය.

ඊයේ (28) පස්වරු 1.00ට පමණ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ ඥානසාර හිමියන්ට සිරකරුවන්ට බන්ධනාගාරයෙන් ලබා දෙන සිර ඇඳුම (ජම්පරය) බන්ධනාගාර නිලධාරින් විසින් ලබා දී ඇති අතර උන් වහන්සේ එම ඇඳුම ඇඳීමට මෙවර කිසිදු විරෝධතාවක් පළ කර නැතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. තමන් එය සිරමැදිරිය තුළට ගොස් ඇඳ ගැනීම සිදු කරන බවට උන් වහන්සේ බන්ධනාගාර නිලධාරින්ට පවසා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. වැලිකඩ බන්ධනාගාරයේ ‘R’ වාට්ටුවේ රඳවා සිටින ඥානසාර හිමියන්ව, ඊයේ (28) ලියාපදිංචි කිරීම් සිදු නොකළ අතර එය අද (29) සිදු කර සිර අංකයක් ලබා දීමට නියමිතය. එමෙන්ම අද (29) උන් වහන්සේ වෙනත් නවක රැඳවූවන් මෙන්ම බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම ද සිදු කෙරෙනු ඇත. වෙනත් සිරකරුවන් බන්ධනාගාරගත කිරීමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනුගමනය කරන සාමාන්‍ය ක්‍රමවේදය ඥානසාර හිමියන් සඳහා ද අනුගමනය කළ බවත් උන් වහන්සේ සාමාන්‍ය පරිදි සිර වාට්ටුව තුළ සාමකාමීව ගත කරන බවත් උසස් බන්ධනාගාර නිලධාරියකු ‘දිනමිණට’ කීය. මෙයට පෙරද වසර 6ක සිරදඬුවමක් ලැබූ උන් වහන්සේ වසර 2කට ආසන්න කාලයකින් පසුව 2019 මැයි මස 23 වැනි දින ජනාධිපති සමාව මත නිදහස් කරනු ලැබිණි.

උපුටා ගැනීම – www.dinamina.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article