Saturday, May 18, 2024

ජාතික හැඳුනුම්පතේ ඡායාරූප අද සිට අලුත් වෙයි – නව හැඳුනුම්පත ඔක්තෝබර් පළමුවැනිදා සිට

Must read

image_1491274763-f004e6c432ජාතික හැඳුනුම්පත සඳහා නව ප්‍රමිතියකින් යුත් ඡායාරූපයක් අද  සිට හඳුන්වා දෙන බව පුරවැසියන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබාගැනීමට සුදුසුකම් ලබා පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ලියාපදිංචි වූ ඡායාරූප ශාලාවලින් පමණක් ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබාගත යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

පුරවැසියන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් ඔක්තෝබර් මස 1 වැනිදා සිට හඳුන්වා දෙන නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට යොදා ගන්නේ මෙම නව ප්‍රමිතියකින් යුත් ඡායාරූප පමණක් බවත් තම හැඳුනුම්පතට අදාළ ඡායාරූප ලබා ගත හැකි ස්ථාන පිළිබඳව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් තොරතුරු ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා..

උපුටාගැනීම – https://www.janayugaya.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article