Saturday, May 4, 2024

හෙටට තිබූ ගුරු වර්ජනය නවතී.

Must read

දේශපාලන පළිගැනීම් මුවාවෙන් ලබාදී ඇති අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් අවලංගු කරන ලෙස ඉල්ලමින් ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශව නියෝජනය කරන වෘත්තිය සමිති කිහිපයක් හෙට දිනයේදී (26) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ  වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට එම සංගම් තීරණය කර තිබේ.
මෙම සම්බන්දයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කර ඇත්තේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද(25) පැවති සාකච්ඡාවෙන් අනතුරුව වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කල බවයි.  ජනාධිපතිතුමන් සමග පැවැති මෙම සාකච්ඡාවේදී අදාල පත්වීම් තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා එකඟවූ බවද මහින්ද ජයසිංහ මහතා පවසයි. එලෙසම මාසයක කාලයක් ඇතුළත ස්වාධීන කමිටුවක් මඟින් එම පත්වීම් පිළිබඳ නැවත විමර්ශනය කිරීමට එම රැස්වීමේදී තීරණය වූ බවද ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article