Sunday, May 19, 2024

ගාල්ලට මහ වැසි : ගිංගඟේ ජලමට්ටම ඉහළට : පහත් බිම ජලයෙන් යටවෙයි.

Must read

(04) ඊයේ රාත්‍රියේ සිට ගාල්ල දිස්ත්‍රික්කයට හා ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට අඛණ්ඩව ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගිංගඟේ ජලමට්ටම සීග්‍රයෙන් ඉහලයමින් පවතින බව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පැවසීය.

(05) අද පස්වරු 03.30වනවිට බද්දේගම ඉදිගස්කැටිය ජල මාපකයට අනුව ගිංගඟේ ජලමට්ටම 02.07m දක්වා ඉහළ ගොස් ඇතිබව පැවසීය.
ගඟෙහි පිටාර මට්ටම 03.80m බව පැවසීය.
ගඟෙහි ජලමට්ටම පැයකට 06cm බැගින් ඉහළ යන බව ඉංජිනේරුවරයා පැවසීය.
ගඟෙහි එම ප්‍රදේශයේ ජල මට්ටම සාමාන්‍ය දිනවලදී 00.50m බව පැවසීය.
ගිංගඟේ අතුරු ඇල මාර්ග සියල්ල පිටාර ගලමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය.
නාගොඩ ,වැලිවිටිය-දිවිතුර ,බද්දේගම හා යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් ජලයෙන් යටවී ඇතිබව පැවසීය.
ඉදිරියේදීත් අඛණ්ඩව වැසි ඇතිවුවහොත් නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යටලමත්ත ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයට නාය යෑමේ අවදානම් නිවේදන නිකුත්කර ඇතිබව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
මාදු ගඟ පිටාර ගැලීමෙන් අවට පහත් බිම රැසක් ජලයෙන් යටවී තිබේ.
බෙන්තර ගඟෙහි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවති.
මේ වනවිටත් ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට වැසි ඇදහැලෙමින් පවති.
IMG_20170905_114617
IMG_20170905_114626
IMG_20170905_114717
IMG_20170905_114737
ගාල්ල – නාගොඩ සුමන උදයන්ත.
0718842264, 0766638534.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article