Sunday, May 19, 2024

සිල් රෙදි සිදුවීමට අනූෂ පැල්පිට හා ලලිත් වීරතුංග වැරදිකරුවන් බව හෙලිවේ.

Must read

lalith and anusha

සිල්රෙදි බෙදා හැරීමේ සිදුවීමට ජනාධිපති නීතිඥ ලලිත් වීරතුංග සහ හිටපු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් වැරදිකරුවන් වී ඇත. අද මේ තීන්දුව නිකුත්කර අැත්තේ කොළඹ මහාධිකරණය මගිනුයි.

2015 ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලත් අවභාවිතා කිරීම සම්බන්දයෙන් අනූෂ පැල්පිට හා ලලිත් වීරතුංග යන මහත්වරුන්ට විරුද්ධව නඩුවක් ගොනුකර තිබුනේ නීතිපතිවරයා විසිනි.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීරණය නිකුත් කරමින් වැරදිකරුවන් වූ අනූෂ පැල්පිට හා ලලිත් වීරතුංග යන මහත්වරුන් දෙදෙනාට වසර 3ක සිරදඩුවමක් නියම කර ඇති අතර ලක්ෂ 20 බැගින් වන දඩමුදලක් ගෙවීමටද ඔවුන්ට නියෝග කරඇත.

 

 

ඡායාරූපය -http://www.dailynews.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article