Wednesday, May 1, 2024

ගාමිණී විජේසිරිගේ ඉපැරණි කාසි හා සිතුවම් දැක්ම කැප්පෙටිපොලදී (Photos )

Must read

Gamini

ව්‍යාපාරික ගාමිණි විජේසිරි බණ්ඩාර මහතාගේ ඉපැරණි කාසි හා නෝට්ටු , මුද්දර හා සිතුවම් දැක්ම මේ මස 28 වන දා සිට කැප්පෙටිපොල මහා විද්‍යාලයේදී පැවැත්වීමට ඒ මහතා කටයුතු යොදා තිබේ.

වසර ගණනක සිට ඒ මහතා එකතු කල අති පෞරාණික කාසි සහ නෝට්ටු එකතුවක් මෙම ප්‍රදර්ශණයට එක් කර තිබේ. ක්‍රි:පු: 6 වන සියවසේ ශ්‍රී ලංකාවෙන් හමුවූ අරාබි , පර්සියානු , රෝම හා චීන කාසිද මෙම ප්‍රදර්ශණයට එකතු කර ඇති අතර විවිධ යුගයන්ට අයත් පෞරාණික කාසි මෙන්ම පෘතුගීසි , ලන්දේසි හා ඉංග්‍රීසි යුග වලදී කාසි විකාශණය වූ අයුරුද මෙම ප්‍රදර්ශණයේදී දැක ගත හැකිය.

එමෙන්ම මුදල් නෝට්ටු මෙන්ම ඉපැරණි වටිනා මුද්දර එකතුවක්ද මෙම ප්‍රදර්ශනයට එක් කර තිබීම සුවිශේෂය.

ගාමිණි විජේසිරි බණ්ඩාර මහතා අතින් සිතුවම් කරන ලද සිතුවම් රැසක්ද මෙම අපූර්ව ප්‍රදර්ශණයට එක් කර තිබේ.

ගාමිණි විජේසිරි මහතා බදුල්ල නිවුස් වෙත මෙසේ පැවසීය.
ලංකාවේ සමහර ඉපැරණි කාසි මම සොයා ගත්තේ පිටරටවලින් . අපේ පෞරාණික දේවල් පිලිබදව අනාගත පරපුර දැණුවත් කිරීම තමයි මගේ අරමුණ. අති දුර්ලභ පෞරාණික කාසි හා නෝට්ටු රැසක් ඒවායේ විකාශණය පිළිබදව තොරතුරුත් එක්ක තමයි මේ ප්‍රදර්ශණය තියන්නේ. අපේ වටිනාකම් පිළිබදව අනාගත පරපුර අපි දැණුවත් කරන්න ඔිනි. කිසිදු රාජ්‍ය හෝ වෙනත් අනුග්‍රහයක් නැතිව පෞද්ගලික වියදමින් තමයි මේ හැම දෙයක්ම කරන්නේ.

S3220002

S3220005

S3220006

S3220007

S3220008

S3220009

S3220010

S3220011

S3220012

S3220013

S3220014

S3220015

S3220016

S3220017

S3220019

S3220020

 

S3220022

S3220023

S3220024www.badullanews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article