Friday, May 17, 2024

කොවිඩ් ආසාදිත දරුවන්ගේ ඉහළ යාමක්

Must read

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළයෑමක් පෙන්නුම් කරන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි. ඒ මහතා පවසන්නේ පසුගිය දිනවල රෝහල තුල ප්‍රතිකාර ලැබුවේ ආසාදිත දරුවන් 7 දෙනෙකු පමණ වූවත් මේ වන විට එම සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ පසුගිය දින පහක හයක කාලය තුල කොවිඩ් ආසාදිත රෝගින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. ඒ හේතුවෙන් ජනතාව මේ සම්බනදයෙන් දැඩි අවදානයෙන් කටයුතු කල යුතු බවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් හා අනවශ්‍ය ගමන්බිමන් අඩුකරමින් කටයුතු කිරීම වැදගත් බවත් තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීම ඉතාමත් වැදගත් බවත් විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article