Friday, May 17, 2024

කම්කරු දිනයට නිවාඩුගිය තරුණිය දිවිනසාගෙන

Must read

එරාවූර් පොලිස් කොට්ඨාශයට අයත්  කළුවන්කෙනී ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි   තරුණියක් සියදිවි නසාගෙන  ඇති බව වාර්තා වේ.  නදරාසා-විදුසාජිනි නම් මෙම තරුණියගේ   මළ සිරුර ඊයේ (03 ) සොයාගත් බවත් එය සියදිවි නසාගැනීමක් බවත් පොලීසිය පවසයි.  මඩකලපුව දිස්ත්‍රික්කයේ පෞද්ගලික ඇඟලුම් කම්හලක වසර 4ක්  සේවය කර ඇති අය පසුගිය 01 වනදා මැයි දින නිවාඩුව ලබාගෙන තිබේ.  පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බවත් එයට හේතුව ප්‍රේමයක් බවත්ය. එරාවූර් ප්‍රාදේශීය හදිසි මරණ පරීක්ෂක එම්.එස්. නසීර්ගේ මරණ පරීක්ෂණයෙන් පසු මෘතදේහය ඥාතීන්ට බාරදෙන ලෙස එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article