Sunday, May 19, 2024

එළඹෙන වසරේ පළමු මාස 4 සදහා රු.බිලියන 1765කට කැබිනට් අනුමැතිය

Must read

(10.30AM) ඊයේ (20) රැස්වූ  එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී 2019 වසරේ පළමු මාස 4සදහා වියදම් වශයෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කිරීම සදහා ඉදිරිපත් වූ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතුරු සම්මත ගිණුම කැබිනට් මණ්ඩලයටය ඉදිරිපත් කල අතර රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම ඇතුළු රජයේ වියදම් සහ ණය ගෙවීම වෙනුවෙන් අවශ්‍ය වන මුදල ලෙස රුපියල් බිලියන 1765ක අතුරු සම්මත ගිණුමට අනුමැතිය හිමිව තිබේ. මෙම මුදලින් රුපියල් බිලියන 990ක්ම ජනවාරි මාසයේ 15 වනදා වනවිට ගෙවීමට ඇති ණය සදහා වෙන් කිරීමට සිදුවන බවද වාර්ථා වෙයි.

උත්සව සමයට පෙර මුදල් වෙන්කිරීමේ අවශ්‍යතාවය මත මෙම අතුරු සම්මත ගිණුම අද (21) පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අකර එය අද දිනයේදීම සම්මත කරගැනීමට නියමිතව ඇති බවද වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article