cabinetඅගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාස භංගයේදී පක්ෂව ඡන්දය දුන් ඇමතිවරුන් හයදෙනා ලබන අඟහරුවාදා (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වන්නේ නම්, එදින කැබිනට්ටුව වර්ජනය කරමින් පිටත්ව ඒමට එජාපෙ ඇමතිවරුන් ගණනාවක් අගමැතිවරයාට යෝජනා කර තිබේ යැයි newstube.lk වෙබ් අඩවිය වාර්ථා කර සිටි.අගමැතිට හා ආණ්ඩුවට එරෙහිවූ ඇමතිවරුන් සමඟ තවදුරටත් කැබිනට් මණ්ඩලයේ කටයුතු කරන්නට සූදානම් නැති බව එම ඇමතිවරුන් අගමැතිවරයාට අවධාරණය කර ඇතැැයි තවදුරටත් එහි සදහන්ය.

ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්‌කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, එස්‌. බී. දිසානායක යන මහත්වරුන් විශ්වාස භංග යෝජනාවට අදාල ඡන්දයෙදී පක්ෂව ඡන්දය දුන්හ.

ඊට ප්‍රතිචාරයක් ලෙස එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් එම ඇමතිවරුන් හයදෙනාට එරෙහිව විශ්වාස භංග යෝජනාවකට අත්සන් කර කතානායකවරයාට බාර දෙනු ලැබුවද අගමැතිවරයා එම යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලෙස එම මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබිණ.

මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමැතින්ට විරුද්දව එක්සත් ජාතික පක්‍ෂය විසින් ප්‍රතිචාර දැක්වීමත් සමග කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීම සමබන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතුව ඇත.කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ජාලවන් තුල මෙන්ම අතිබහුතරයක් ප්‍රගතිශිලි ජනයා අතරද පවතින මතය වි ඇත්තේ මේ කැබිනට් මෙම ඇමතිවරුන් 6 දෙනා අනිවාර්යෙන්ම ඉල්ලා අස්විය යුතුව ඇති බවය.
පසුගිය දා පැවැති පුරවැසි බලයේ පුවත්පත් සාකච්ජාවකදිද එහි ක්‍රියාකාරින් විසින් ජනාධිපතිවරයා සහ මේ කැබිනට් ඇමතිවරුවන් පිළිබදව බරපතල විවේචනයක් සිදුකර තිබුණි.
පුරවැසි බලය යනු යහපාලන රජය පත්කිරිමට තිරාණාත්මක මෙහෙයක් සිදුකරන ලද එක් පුරවැසි බලවේගයක්ද විය.
මුලාශ්‍රය – newstube.lk