Monday, April 29, 2024

උමා ඔය ජලකාන්දුවට විසදුම් ඉල්ලමින් බණ්ඩාරවෙල හර්තාල්

Must read

උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ ඉදිකර ඇති උමගේ ඇති ජල කාන්දුවට පිලියම් සෙවීමට අදාල බලධාරීන් ක්‍රියාත්මක නොවීමට විරෝධය පල කරමින් බණ්ඩාරවෙල ජනතාව අද එම නගරයේදී හර්තාලයක් පවත්වා තිබුණා.

2009 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 529ක් යොදවමින් මේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ හදපානාගල හා ලුණුගම්වෙහෙර ජලාශයන් වෙත ජලය ගෙනයමටයි.

මෙලෙස 30,000කට අධීක පිරිසක්  බණ්ඩාරවෙල නගරයේ කඩසාප්පු සියල්ල වසා දමමින් විරෝධය දැක්වූයේ තම ප්‍රදේශය මුහුණ දෙන මේ ආපදා තත්වයට අවශය පිලියම් වහාම සිදුකරන ලෙස රජයට බලකරමිනුයි. පසුගිය සති දෙකක කාලයක් තුල දිනකට ජලය ලීටර මිලියන 800ක් මේ කාන්දුවෙන් ගලාගොස් ඇති බවයි වාර්ථා වන්නේ.තවත මේ ඉදිකිරීම් හේතුවෙන් නිවාස 4000කගේ පමණ බිත්ති ඉරි තැලී ඇති අතර ප්‍රදේශයේ ළිං ද සිදී ගොස් තිබෙනවා.

මේ අතර මේ ප්‍රශ්ණයට විසදුම් සෙවීම සදහා කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව ලබන සතියේදී ප්‍රදේශයේ සංචාරය කරමින් පීඩාවට පත් සියළු පාර්ශව මුණගැසෙමින් වාර්ථාවක් සකස් කිරීමට නියමිත වන අතර මේ කමිටුවට අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය චම්පික රණවක හා අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා වන මහත්වරුන් නම් කොට තිබෙනවා.

uva2-1

k2.items.cache.62d99e709be76043f648b5e16d5c6635_XLnsp-434
index
1498639287_3091965_hirunews_Umaaa-oyaa
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article