Monday, May 6, 2024

උදයංග වීරතුංගට නැති ජාත්‍යන්තර වරෙන්තුවක් සඳරුවන්ට ! ඒ ඇයි ? සමන් වගආරච්චි ප්‍රශ්ණ කරයි ?

Must read

saman Wසදරුවන් සහ ලංකා ඊ නිව්ස් ගැන විවිධ කතා බහ සමාජ ජාල තුල පැතිරෙන බව පෙනේ.
සදරුවන් මෙන්ම ඔහුගේ මාධ්‍ය භාවිතය පිළිබදව අප අතර කොතරම් ප්‍රතිවිරෝධාතා තිබුණත් ඔහුට එරෙහිව එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහිව අප සැවොම අත්වැල් බැදගත යුතුය.

ඔහුගේ මාධ්‍ය භාවිතය පිළිබද ප්‍රශ්නය ඔහුගේ පමණක්ම නොව අද අපේ මාධ්‍ය සමාජයේම ම ප්‍රශ්නයකි. ඒ පිළිබදව මාධ්‍ය සමාජය තුලත්.. පුරවැසි සමාජය තුලත් වෙනම සාකචඡාවට ගත යුතු කාරනයකි.

ඒ කෙසේ වෙතත් මට ඇති සරල ප්‍රශ්නය නම් ජනතා මුදල් අවභාවිතා කොට යුක්රේනයෙන් මිග් යානා ගෙන ඒමට කටයුතු කල හිටපු රැසියාවේ ශ්‍රීලංකාවේ තානාපති උදයංග වීරතුංගට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන්නැයි පොලීසිය අධිකරනයෙන් මුල් වර ඉල්ලා සිටියදී එය ප්‍රතික්ෂේප කළ අධිකරනය සදරූවන්ගේ ප්‍රශ්නයේදී තිබු කඩිමුඩිය ගැනද අපි කල්පනා කල යුතුය.

කුමන ප්‍රශ්න තිබුනත් මෙම මොහොතෙහි මාධ්‍ය සංවිධාන සදරුවන් සහ ලංකා ඊ නිවුස් හි අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article