Monday, May 6, 2024

ජාතික රෝහලේ හදවත් රෝගීන් හතරක් මියයෑම ගැන පරික්ෂණ අපක්ෂපාතිවෙයිද ?

Must read

 

heart-opකොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම්වලට ලක් කෙරුණු රෝගීන් 04දෙනෙකු මියයාම පිළිබද සොයාබැලීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න උපදෙස් දී තිfබන බව thecolombopost.net වෙබ් අඩවිය වාර්ථා කොට තිබුණි.

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පෙරේදා (28) දින හදවත් සැත්කම්වලට ලක් කෙරනු රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙකු මිය ගොස් තිබිම ඇත්ත වශයෙන්ම බරපතල තත්වයකි.
මේ පිළිබදව විමර්ශනය කිරිම සදහා ත්‍රීපුද්ගල කමිටුවක්  සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි පත් කර ඇත.

මෙහිදි වඩාත් වැදගත් වන්නේ මෙසේ හෘද රෝගින් සැත්කම් කිරිමෙන් පසු මියයෑමට තුඩු දි ඇති ඇත්ත හේතුව සොයා ගැනිමය.
එහෙත් මෙවන් විමර්ශන වලදි බොහෝ අවස්ථාවලදි සිදුවන්නේ අදාල ඒකකයන් හි වෛද්‍ය කාර්ය මණ්ඩල වලට අපකිර්තියක් ඇතිවෙතැයි සිතා ඒ අය බේරාගැනිම ඉලක්ක කොට ගත් ප්‍රවේශයකට මේ අය මාරුවිමට ඇති ඉඩකඩයි.
ලංකාව තුල බොහෝ රෝහලදි මෙවන් සිදුවිම් ගැන එතරම් වගකිමකින් කටයුතු කරනු ලබන බවක් පෙනෙන්නේ නැත.
මෙම වාර්ථාව නොවැ 30 වෙනිදාට ලබාදිය යුතු යැයි වාර්ථා වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article