Sunday, May 5, 2024

මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ එරෙහි මැරප්‍රහාරය සැලසුම් කළ දායන් ලංසා ගැන තීන්දුව නොවැ 29 වනදා ?

Must read

FG attack 1මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මහසභා රැස්විම වාර්ථා කිරිමට ගොස් පැමිණෙමින් සිටි මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට  මුහුණු ආවරණය කොට වැහි කබා පැළද අංක තහඩු නොමැති යතුරු පැදියකින් මහදවල් පැමිණ පොල්ලකින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබිම චිකාගෝ පන්නයේම වැඩක් මිස පුංචි රෝමය යැයි කියාගන්නා කතෝලික පුරවරයක නම් කිසිසේත්ම සිදුවිය හැක්කක් නොවේ .
හංදිගානේ සුරුවම් ඒත් දැන් මීගමුව චිකාගෝවක්
හන්දියක් ගානේ සුරුවම් තිබුනද ඒ සියල්ල මදි යැයි කියා මීගමුව නගරයේ ආරක්ෂාවට යැයි කියා නගර මධ්‍යයේ වු ඔරලෝසු කණුවේ මුදුනෙහිද මරිය මව්තුමියගේ ප්‍රතිමාවක් තබා තිබුණද දැන් මීගමුවේ සිදුවන්නේ මාෆියා තාලේ වැඩය.
මෙහි දෛවයේ  සරදම වන්නේ මේ මරියතුමියගේ ප්‍රතිමාව ඔරලොසු කණුව මුදුනේ තබන්නට පුර්ණ අනුග්‍රහය දක්වන්නේ යහපාලන රජය යටතේ මාධ්‍යවේදියෙකුට එල්ල කරන්නට පළමු ප්‍රහාරය සැලසුම් කර දයාන් ලංසා විසිනි.
එපමණක් නොව මීගමුවේ අංක එකේ මැරයෙකු වු දයාන් ලංසාව  රජයේ පාසැල්වලට ප්‍රධාන ආරධිතයන් ලෙස ගෙන්වා මල්මලා දමන්නට තරම් ඇතැම් විදුහල්වල විදුහල්පති පියතුමන්ලා කටයුතු කරනු දැකිම ඇත්තටම ලැජ්ජාවට කරුණකි.dayan 12dayan lansa
මේ සියල්ලෙන් කියැවෙන්නේ පුංචි රෝමයට යමින් තිබෙන කලදසාවයි.
මේවා ගැන මීගමුව පල්ලියේ පියතුමන්ලා ඇත්තටම කම්පා  විය යුතුය.නැතිනම් ලැජ්ජා විය යුතුය.IMG-20160604-WA0008මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට මරාන්තික පහර එල්ල කරන්නට යොදාගත් පොල්ල
 dayan may day
මෙම පහරදීම සම්බන්ධයෙන් ප්‍රෙඩි ගමගේ විසින් කරන ලද මුල් ප්‍රකාශයේදී මෙම පහරදීමට මීගමුව නගර සභාවේ උප නගරාධීපති වශයෙන් කටයුතු කරන දයාන් ලාන්සා සහ ඔහුගේ පියා වන පිලේන්ද්‍රන් ලාන්සා යන අයවලුන් සම්බන්ධ බවට තමන් සැකකරන බවට තමන සැකකරන බවට සිය පැමිණිල්ලේ සදහන් පැහැදිව සදහන් කර තිබුණි.
ඒ අනුව දයාන් ලාන්සා යන අයට අයත් අංක 077 3922922 සහ 077 74 27 714 යන ජංගම දුරකථන අංක වලට ද පිලේන්දුන් ලාන්සා යන අයට අයත් අංක 077 7708609 දරන ජංගම දුරකථන ද සවිස්තර විස්තර වාර්තා ලබාගන්නට පොලිසිය කටයුතු කර තිබුණි.
මැරයා සහ දයාන් ලංසා අතර පැය 05 ක් තුල දුරකථන සංවාද 15 ක්
මේ අනුව මෙම වාර්තා විශ්ලේශනය කිරීමේදී සිද්ධිය වු දින එනම්
2016.06.02 වන දින දයාන් ලාන්සා යන අයට අයක් අංක  077 3922922 ජංගම දුරකතනයට සහ අංක 077 7117225 දරන ජංගම දුරකථනය අතර උදෑසන පැය 8.25 සිට පැය 13.47 දක්වා අතර කාලයේ දුරකථන සංවාද 13ක් පමණ සිදුවී ඇත. ඊට පෙර මෙම ජංගම දුරකථන අතර 2016.05.01 දින සිට 2016.0602 වන දින දක්වා වෙනත් දිනවල සංවාද සිදුවු බවට විමර්ශනයේදී හෙළවී නැත. තවද මීට අමතරව 2016.06.02 වන දින 072 9942608 දරන ජංගම දුරකථනයෙන්ද දයාන් ලාන්සා යන අයට අයත්  077 39 22922 දරණ දුරකථනය සමග සංවාද දෙකක් සිදුවී ඇත. /
මෙම අනාවරණය වූ අංක 077 7117225 දරණ ජංගම දුරකථන අංකය සහ 072 9942608 දරණ ජංගම දුරකථන අංක වලට අයත් සිම්පත් පරීක්ෂා කිරීමේදී දැනට අත්අඩංගුවේ පසුවන සැකකරු වන අඹගහගේ තුෂාන් ක්‍රිස්මාල් ප්‍රනාන්දු යන අයගේ ජංගම දුරකථනයේ තිබී සොයාගෙන ඇත.
(උපුටා ගැනිම b වාර්ථාවෙනි)????????????????????????????????????
පැමිණිලි කරු විසින් ඉතා පැහැදිලි ලෙස සිය පැමිණිල්ලේ පුද්ගලයෙකුගේ නම සදහන් කරමින් චෝදනාවක් ඉදිරිපත් කොට තිබුණි.
එපමණක් නොව අදාල පුද්ගලයා විසින් 2016.5.17 වනදා දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමන්ට එක්තරා ආකාරයක අනතුරු ඇගවිමක්ද කර ඇති බව පැමිණිලේම සදහන්ය.
දිනපතා විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත්ව මාධ්‍ය වාර්ථා ඔස්සේද පැමිණිලි කරු කියා සිටියේ මේ ප්‍රහාරයේ මහමොළකරු මීගමුව මහනගර සභාවේ දයාන් ලංසා බවය.
016 ජුනි 02 වනදා ජනාධිපතිවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රෙඩි ගමගේ අමතා කියා තිබුනේ ‘‘සියළු කරුණු පොලිසියට කියන්න අපි පොලිසියට උපදෙස් දිලා තියෙන්නේ කඩිනමින් පරික්ෂණ කරන්න කියල .”
එමෙන්ම අගමැතිවරයාද ප්‍රෙඩි ගමගේට පහර එල්ල වු දිනයේම විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කියා තිබුනේ මේ ප්‍රහාරය පිළිබදව කඩිනමින් වාර්ථාවක් සපයන ලෙසය.
බුද්ධි අංශ වාර්ථා විසින් ඒ වන විටත් ජනාධිපතිවරයා අගමැති පොලිස්පති වෙත දන්වා යවා ඇත්තේ මේ ප්‍රහාරයේ ඇත්ත වගකිව යුත්තෙකු සිටින බවය.
යහපාලන පොලිසිය පැය 48 ක් ඇතුලත මැරයන් අල්ලයි
කෙසේ වෙතත් මීගමුව පොලිසියේ ඇතැම් නිළධාරින් සිය රාජකාරිය නිසි ලෙස මෙහෙයවමින් අදාල මැරයන් කොටු කරගැනිම සදහා අපමණ වෙහෙසක් ගෙන තිබුණි.
එමෙන්ම බුද්ධි අංශ නිළධාරින්ද  සියළු සම්බන්ධකම් යොදාගෙන කෙසේ හෝ අදාල මැරයන් කොටුකරගැනිමට දැලක් එලා තිබුණි.
2016 ජුනි 3 වනදා රාත්‍රිය වන විට ප්‍රහාරය සිදුකළ මැරයන් ගැන ස්ථිර වශයෙන්ම පොලිසිය දැන සිටියේය.ඒ සියළු විස්තර ආදාල බලධාරින් වෙතද දන්වා යවා තිබෙන්නට ඇත.
සියල්ල එසේ වෙද්දි 2016 ජුනි 4 වනදා මේ පරික්ෂණ කටයුතු වල නියැලි සිටි වෙනත් පොලිස් කණ්ඩායමක් විසින් මේ මැරයන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලබයි.
ඔවුන් සැගව සිට ඇත්තේ මීගමුවේ එක්තරා පන්සලක යන කටකථාවක්ද ඒ දිනවල ප්‍රචාරය වි තිබුණි.
FG attack 15
මහමොළකරු කව්ද යන්න පොලිසිය උසාවියට නොකියන්නේ ඇයි
මේ ප්‍රහාරය සිදුකරන ලද මැරයන් දෙදෙනා සති 5 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙන අතර  ඒ කාලය තුල සතිපතා පැවැති අධිකරණ කටයුතු වලදි මහේස්‍රාත්තුමන් නිරන්තරයෙන්ම පොලිසියෙන් විමසා සිටියේ මේ ප්‍රහාරය පිටුපස මහාමළෙකරුවන් තරාතිරම නොබලා අධිකරණය හමුවට පමුණුවන ලෙසය.
එහෙත් පොලිසිය මේ ගැන ඒ හැමදිනකදිම මගහරිනු පැහැදිලිව පෙණුනි.ඉන් කියැවෙන්නේ
රාජපක්ෂ රෙජිමයේ අවතාරවලට තවමත් යහපාලන පොලිසියටද වෙට්ටු දමන්නට හැකි බව නොවේද ?
web journo banner
යහපාලන පොලිසිය රාජපක්ෂ රෙජිමයේ දයාන්ලාට බය ඇයි ?
1.මේ ප්‍රහාරයට පැමිණි ප්‍රධාන මැරයා මහනගර සභා සේවකයෙකි. තුෂාන් ක්‍රිෂ්මාල් 6-2 වැඩමුරය සදහා අත්සන් කර ඇත..ඔහුගේ සේවා නියුතු ස්ථානය වන්නේ මීගමුවේ වෙරළ උද්‍යානයයි. ඔහු අනුයුක්තව සිටින්නේ සෞඛ්‍ය අංශයට.
වෙරළ උද්‍යානය යනු ලංසා පවුලේ පුද්ගලික බුදලයකි.
තුෂාන් ක්‍රිස්මල් නැමැති මේ මැර සේවකයා වෙරළ උද්‍යානයට යෙදාවා ඇත්තේ වෙනත් කව්රුන් හෝ විසින් නොව එවකට මීගමුව සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයා වන දයාන් ලංසා විසින්මය.2.මහසභා රැස්විම ආරම්භ වන්නේ ජුනි 02 වනදා පෙ.ව 10 ටය. මෙසේ මහ සභා රැස්විම යන අතරතුරේදි මීගමුව මහනගර සභාවේ සුළු සේවකයෙකු වන තුෂාන් නැමැත්තාට  මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාට  දුරකථන ඇමතුම් 13 ක් ගන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?මෙය සරල කරුණක් නොවේ.එමෙන්ම වෙනත් දිනයන්වලදි අදාල දුරකථන දෙන අතර දුරකථන සංවාද සිදුව නැති බව පැහැදිලි ලෙසින්ම බී වාර්තාවේද සදහන්ය.
එසේ නම් මේ දුරකථන සංවාද 13 කුමක් සදහාද?අනික් දුරකථතනයෙන් තවත් සංවාද දෙකක් සිදුව ඇත.
මේ ගැන පොලිසියට පරික්ෂණ පවත්වන්නට යැයි අප කියා  දිය යුතුද ?
පැය 5 ක් ඇතුලත දුරකථන ඇමතුම් 15 ක් ගෙන ඇත.වෙනත් දිනවල එසේ දුරකථන ඇමතුම් හුවමාරුවි ඇති බවට සනාථව නැතියිද පොලිසියි ජංගම දුරකථන දත්න සටහන් උපුටා දක්වමින් කියා සිටි.
එසේ නම් මහින්ද රෙජිමයේ මීගමුවේ නියෝජිතයෙකුට තවමත් යහපාලන පොලිසියකට වෙට්ටුවක් දමන්නට ඇති හැකියාව දැන් පැහැදිලිය.
ඒ ඇයි?
පසුගිය සැප්තැම්බර් 20 වනදා පැවැති නඩු විභාගයේදි මහේස්‍රාත්වරයා පොලිසිය අමතා කියා සිිටියේ මේ සිදුවිමට දායන් ලංසා චුදිතයෙකු ලෙස පොලිසිය නම් කරන්නේ ද නැද්ද යන්න ගැන ඊළග උසාවි දිනයේදි අධිකරණයට පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවය.
එනම් 2016 නොවැ 29 වනදා පොලිසිය තින්දුවක් ගත යුතුව ඇත.

www.meepura.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article