Sunday, May 19, 2024

උතුරු කොරියාෙව් සිදුවූ භූකම්පනය න්‍යෂ්ඨික අත්හදාබැලීමක ප්‍රථීඵලයක් බව තහවුරු වේ.

Must read

c83f2ec6f0b65338bc5146d6f54fa4b6අද උතුරු කොරියාවේ වාර්ථා වූ රිච්ටර් පරිමාණ 6.3ක භූකම්පනය උතුරු කොරියානු ජනපති කිං ජොංඅන් ඇතුළු පිරිස විසින් සිදුකල න්‍යෂ්ඨික අතහදා බැලීමක ප්‍රථිඵලයක් බව තහවුරු කර ගැනීමට ජපානය සමත්වී තිබෙනවා. ජපාන විදේශ අමාත්‍ය තාරෝ කෝනෝ හතා පවසන්නේ මේ අනුව උතුරු කොරියාව සිය 6වන න්‍යෂ්ඨික අත්හදාබැලීම සිදුකර ඇති බවයි. මේ ක්‍රියාව සම්පූර්නයෙන්ම අනුමත කල නොහැකි ක්‍රියාවක් බවයි ජපාන අග්‍රාමාත්‍ය වරයා පවසා ඇත්තේ.

දකුණු කොරියාව පවසන ආකාරයට උතුරු කොරියාවේ නවතම න්‍යෂ්ඨික අත්හදා බැලීම සදහා පුපුරන ද්‍රව්‍ය කිලෝටොන් 100ක ප්‍රමාණයක් භාවිතා කර තිබෙනවා. ඒ ප්‍රමාණය 1945 ජපානයේ නාගසාකි නගරයට හෙලූ බෝම්බය තරම් 4 හෝ 5 ගුණයක තරම් විශාල ප්‍රමාණයක් බවයි දකුණු කොරියාව වාර්ථා කරන්නේ.එලෙසම උතුරු කොරියාවේ නවතම අත්හදාබැලීම ඔවුන් විසින් සිදුකල 5වන න්‍යෂ්ඨික අත්හදාබැලීමට වඩා 10 ගුණයක ප්‍රබලත්වයක් ඇති බවත් දකුණු කොරියානු හමුදා වර්ථාවන් වාර්ථා කරනවා.
(කිලෝටොන් එකක ප්‍රමාණයක් TNT නම් පුපුරණ ද්‍රව්‍යයේ ටොන් 1000කට සමානයි.)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article