Sunday, May 19, 2024

ඊයේ දිනයේ පමණක් මාරක රියඅනතුරු 5කින් 5 දෙනෙක් ජීවිතක්ෂයට..

Must read

Accident

ඊයේ (සැප්තැම්බර් 3) අලුයම 4.30ට පමණ මීගමුව කොච්චිකඩේ පෝරුතොට හන්දියේදී කන්ටේනර් රථයක රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව අසල තිබු වෙලදසැල් දෙකක හා ඒ ඉදිරිපිට නිදාගෙන සිට පුද්ගලයෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතරුකින් නිදාගෙන සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. මෙසේ මියගොස් ඇත්තේ උල්හිටියාව වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කළුගමගේ අන්තෝනි ප්‍රනාන්දු යන අයෙකි.

ඒ අතරම ඊයේ පෙරවරු 9ට පමණ අලවතුගොඩ දුනුවිල මාර්ගයේදී ත්‍රීරෝද රථයක් පිටුපසට ගැනීමට උත්සහ ගැනීමේදී මාර්ගය හරහා ගමන් ක පුද්ගලයෙකු එහි ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එම පුද්ගලයා බරබතග තුවාල ලා මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ සතූරුකොන්ඩාන් ප්‍රදේශයේදී මඩකලපුව සිට එරාවුර් දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ නවතා තිබූ ටිපර් රථයක ගැටී ඇති අතර යතුරුපැදිකරු හා පිටිපස ගමන්ගත් පුද්ගලයා තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිකරු මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ 27 හැවිරිදි ඥානසිංහම් ප්‍රභානන්දන් යන අයෙකි.

අනෙක් අනතුර සිදුව ඇත්තේ මැදිරිගිරිය ඇටඹඔය මර්ගයේදී වන අතර කාන්තාවක් විසින් තවත් තිදෙනෙකු සමග පැදවූ යතුරුපැදියක් යතුරුපැදිකාරියට පාලනය කරගතනොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ බෝක්කුවක ගැටී සිදුවූ අනතරකින් යතුරුපැදිකාරිය ජීවිතක්ෂයට පත්ව ඇත. ඇව 24 හැවිරිදි චන්දිමා වික්‍රමසිංහ යන අයෙකි. එ අතරම දඹුල්ල පන්නම්පිටිය හන්දියේදී  මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් වෑන් රථයේ ගමන්ගත් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර ඉන් එක් පුද්ගයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙසේ මියගොස් ඇත්තේ 37 හැවිරිදි ත්‍රිකුණාමලයේ පදිංචි ජෙස්මින් ෆාහීර් යන අයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article