Thursday, May 2, 2024

ඇමරිකාවේ මෝටර්රථ ශ්‍රේණිගතකිරීමේ පලමු තැන කියා වෙත

Must read

Sorento

ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකලමෝටර් රථ වර්ගීකරණයකින් පලමු ස්ථානය ලබාගැනීමට “කියා” සමාගම සමත්වී තිබෙනවා. මෙහ් විශේෂත්වය වන්නේ ලොව ප්‍රධාන පෙලේ මෙන්ම සුඛෝපභෝගී මෝටර්රථ නාමයන් අභිබවමින් “කියා” සමාගම මෙම ස්ථානය හිමිකරගෙන තිබීමයි.

J. D. Power Initial Quality Study (IQS) විසින් “කියා” සමාගම මෙම ශ්‍රේණිගතකිරීම් වල පලමු ස්ථානයට පත්කල දෙවන අවස්ථාව මෙයයි. මෙම ශ්‍රේණිගතකිරීම්වල ස්ථානයන් ලබාදීම සදහා වාහනය මිලදීගෙන පලමු දින 90 ඇතුලත වාහනයේ තත්වය,රියදුරු ගැටළු,එන්ජිම හා ගියර් පද්ධතියේ දෝෂ සහ වාහන 100කට ඇති වන සාමාන්‍ය ගැටළු යන අංගයන් තෝරාගෙන තිබෙනවා. එම අංගයන් සදහා අවම ලකුණු ලබාගන්නා මෝටර්රථ තත්වයන් ඉහල යැයි යන පදනම යටතේ IQS සමාගම විසින් මෙම ශ්‍රේණිගතකිරීමසිදුකර තිබෙනවා.

මේ වසරේ තම ආයතනය විසින් සිදුකල ශ්‍රේණිගතකිරීමේ ප්‍රථිඵල ඉදිරිපත් කරමින් IQS ආයතනය පවසා ඇත්තේ පසුගිය වසර 20 තුල සිදුකල සමීක්ෂණයන්ගේ ඉහලම කාර්ය සාධනය පෙන්නුම් කර ඇත්තේ “කියා” සමගාම විසින් බවයි.එලෙසම කාණ්ඩ 5ක් යටතේ සම්මාන දිනාගැනීමට ඒ සමාගම සමත්වී ඇත බවත් එසේ සම්මාන 5ක් දිනගත් එක මෝටර්රථ සන්නාම නාමය “කියා” බවත් IQS ආයතනය වැඩිදුරටත් පවසා තිබෙනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article