නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේදී මුලසුනේ අසුන් ගන්නා සභාපති නාමාවලිය   කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ
ඒ අනුව   වේලු කුමාර්,  මයන්ත දිසානායක,  ඉම්රාන් මහරූෆ්,  හර්ෂණ රාජකරුණා,  රෝහිණි කුමාරි විජේරත්න,  හේෂා විතානගේ,  කෝකිලා ගුණවර්ධන,  නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත,  නීතිඥ වසන්ත යාපාබණ්ඩාර,  ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් ,  නීතිඥ මධුර විතානගේ,  වීරසුමන වීරසිංහ,  සමන්ප්‍රිය හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම  මහත්මීහු  සභාපති නාමාවලියට ඇතුළත් කරනු ලැබ සිටිති.