Monday, September 14, 2026
spot_img

තායිලන්ත සතිඅන්ත වෙළඳපොළ සැණකෙළිය හෙට (12 ) කොළඹදි …

Must read

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන තායිලන්ත සතිඅන්ත වෙළඳපොළ සැණකෙළිය ලබන 12 දා කොළඹ 07 සියාම් නිවසේදී (අංක 43, සී.ඩබ්.ඩබ්. කංනන්ගර මාවත, කොළඹ 07) පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබේ.

ලබන ඉරිදා පැවැත්වෙන මෙම සැණකෙළිය පෙරවරු 10.00 සිට සවස 3 දක්වා පැවැත්වෙයි. මෙම සැණකෙළිය සඳහා ඇතුල්වීම නොමිලයේ වන අතර එහිදී තායිලන්ත ආහාර පාන රස විදීම, තායිලන්ත නිශ්පාදන මෙන්ම විනෝදාත්මක වැඩසටහන් සංවිධානය කර තිබේ.

මෙහිදී සජීවීව තායිලන්ත ආහාර පාන සැකසීම, තායි බොක්සිං, තායි පොප් නර්තන හා සංගීත සංදර්ශනයක් පැවැත්වීමට සංවිධානය කර තිබේ.

වැඩිදුර විස්තර 011-7529500 යන අංකය අමතා ලබා ගත හැකිය.
ada.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article