Wednesday, May 15, 2024

මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් හර්ෂ එළියට ලංසා ඇතුළට ..

Must read

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කළ පසුව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සඳහා නව සාමාජිකයන් පත් කර ඇති අතර එම කමිටුවේ සභාපති ධුරය දැරූ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි සාමාජිකයකු වශයෙන් හෝ මෙවර පත් කර නැති අතර දේශපාලන සමාජය තුල දැඩි විවේචනයකට ලක්ව සිටින නිමල් ලංසා එම කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස පත්ව තිබිම විශේෂත්වයකි.

ඊයේ දිනයේ නිමල් ලංසා විසින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව එල්ල කළ වාග් ප්‍රහාරය පිළිබදව  දැඩි කථා බහකට ලක්වෙමින් තිබේ

එම කමිටුව සඳහා පත්කරනු ලැබ සිටින්නේ විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු, ශෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වෛද්‍ය සීතා අරඹේපොල, ආචාර්ය සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, නීතිඥ මධුර විතානගේ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ය.

නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සභාවාරය වාර අවසාන කිරීමත් සමග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අහෝසි විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article