Monday, May 6, 2024

අහංගමදි කඩාවැටුණු ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් !

Must read

colapse building galleගාල්ල අහංගම කතළුව ප්‍රදේශයේ (18) අද පෙරවරුවේ කඩාවැටුණු ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරී ඊ.ආර්. බන්දුල මහතා පැවසීය.

මහල් 03ක් පමණක් ඉදිකිරීම සඳහා 2015 වසරේ හබරාදුව ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබාගෙන ඇතිබව පැවසීය.
නමුත් පසුගිය මාස කිහිපයේ තවත් මහල් 2ක ඉදිකිරීම් අනුමැතියකින් තොරව ආරම්භ කර ඇතිබව පැවසීය.
ප්‍රාදේශීය සභාව විසින් අනුමැතිය ලබාදී ඇති නිර්දේශ සඳහා පටහැනිව තවත් ගොඩනැගිලි එක්කිරිම අනවසර ඉදිකිරීමක් ලෙස සැළකෙන බව ඔහු පැවසීය.
නිර්දේශ නොතකා ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම නිසා ගොඩනැගිල්ල කඩාවැටී ඇතිබව වැඩිදුරටත් පැවසීය.
කඩා වැටුණු ගොඩනැගිල්ල විදේශිකයකුට අයත් බව හබරාදුව පොලිසිය පවසයි.
ගොඩනැගිල්ල කඩාවැටීමෙන් පුද්ගලයන් 08 දෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර බව පොලිසිය පවසයි.
ලැබූ අතර තවත් පුද්ගලයෙක් සුන්බුන් අතර සිරවී සිටියදී මුදා ගැණුනා.
එක් අයෙකුගේ පාදයට බරපතළ හානි සිදුවි ඇති අතර කිහිප දෙනෙකු ප්‍රතිකාර ලබා සවස රෝහලෙන් පිටව ගිය බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
ගාල්ල – නාගොඩ සුමන උදයන්ත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article