Thursday, May 2, 2024

අනුරාධපුර කුඹුරු පුරන්කොට ගොඩකිරීමේ ජාවාරමක් හෙලිවෙයි

Must read

මෙම අහඹු සිදුවීම පිළිබදව නිලධාරින්ගේ අවධානය යොමු කරවන අමාත්‍යවරයා

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් තහනම් කළ ගොඩ කළ කුඹුර

අනුරාධපුර නගරයේ ඇති ප්‍රධාන මාර්ගවලට මුහුණලා පිහිටා තිබෙන කුඹුරු ඉඩම් නියගය නිසායැයි කියමින් පුරන් වන්නට ඉඩ හැර පසුව බොරළු දමා අනවසරයෙන් ගොඩ කරන ජාවාරමක් මේ වන විට හෙලිවී තිබේ. මෙසේ ගොඩකරන ඉඩම් වානිජ ඉඩම් බවට පත්කිරීම සිදුකර ඇත.

මේ ජාවාරම පිලිබදව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවදධානය යොමුවී ඇත්තේ එතුමා පසුගියදා කිසියම් නිල කාර්යයක් නිමා කොට අනුරාධපුර සිය කාර්යාලය බලා එමින් සිටියදී අනුරාධපුර – කොළඹ ප්‍රධාන පාරේ ආලංකුලම ගම්මානය අසල කුඹුරු ඉඩමක් බර වාහන යොදා ගනිමින් බොරළු දමා පුරවා ගොඩ කරන අයුරු දැකීමෙන් අනතුරුවයි.ඉන්පසුව එම ස්ථානයේ ඉඩම් ගොඩකරමින් සිටි පිරිසගෙන් කරුණු විමසූ අමාත්‍යවරයාට ඉඩම් හිමියා විසින් තමන්ට අවසර ඇතැවි පවසමින් ලියකියවිලි ඉදිරිපත් කර ඇති අතර එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ එම ලිපි කිසිසේත් වලංගු නොවන බව හා රජය විසින් ඉඩම් ගොඩ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි.

එම අවස්ථාවේදී මෙම ගොඩකිරීඹට සම්බන්ද ඉඩම් හිමියන් දෙනෙකෙු එහි කැදවූ අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ මේ වන විට ජනපතිතුමන්ගේ මෙහෙයවීමෙන් මේ වන විට වගා සංග්‍රාමයක් ආරම්භ කර ඇති බවත් එයට අනුව වගානොකල සෑම බිම් අගලක්ම වගා කරන ලෙස ජනතාවට උපදෙස් දී ඇති බවයි. ඉන් පසු මෙම ගොඩකිරීම් නවත්වන ලෙස නියෝග කල ඇමතිතුමන් වැඩිදුරටත් සදහන් කරේ ප්‍රධාන පාරවල් වලට ආසන්න කුඹුරු ඉඩම් අවුරුදු කීපයක් තිස්සේ හිතා මතාම පුරන් කර කුඹුරු පිරවීම දැන් හොද ජාවාරමක් බවට පත් වී තිබෙන බවයි.

මූලාශ්‍රය – දිනමිණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article