Monday, May 6, 2024

අධිකරණ ඇමතිගේ ප්‍රකාශය අනතුරක සංඥාවක් – PWJA

Must read

wejedasa R 1.jpg

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් නොවැම්බර් 18දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මාධ්‍යයට සිදුකල තර්ජනයක් ලෙස සැලකිය හැකි බව ‘වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය’ (Professional Web Journalists’ Association – PWJA) පවසයි.

FG in UN 1024x728ඇමතිවරයා විසින් සිදුකල එම ප්‍රකාශයේදී ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය සහ එහි කතුවරයා සම්බන්ධයෙන් සිදුකල ආවේගාත්මක ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ‘වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ’ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ මහතා එබව සඳහන් කළේ ‘ශ්‍රී ලංකා මිරර්’ කල විමසීමකදීය.

බොහෝ අසීරුවෙන් ගොඩ නගා ගත් ස්වාධීන අධිකරණයට ‘ලංකා ඊ නිව්ස්’ සහ එහි කතුවරයා බරපතල හානි කරන බවත් එය ජාතික අනතුරක් බවත් පාර්ලිමේන්තුවේදී පැවසු අධිකරණ ඇමතිවරයා,  එහෙයින් එම වෙබ් අඩවියේ  කතුවරයාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ශ්‍රී ලංකාවට ගෙන්වා නඩු අසන බව අවධාරණයෙන් යුතුව පැවසීය.
“ඩ්‍රැකෝනියන්” නීති :
අදාළ වෙබ් අඩවිය විසින් අධිකරණයට කළ අපහාසය ගැන සඳහන් කිරීම සඳහා වැඩි ඉඩක් තම අයවැය කතාවේදී වෙන් කර ගත් අධිකරණ අමාත්‍යවරයා, එම වෙබ් අඩවියට සහ එහි කතෘවරයාට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද සඳහන් කළේය.

රටේ අධිකරණයේ විනිසුරුවරුන්ට ස්වාධීන තීරණයක් ගැනීමට නොහැකි ආකාරයෙන් රටේ මාධ්‍යය අදාළ විනිසුරුවරුන් සහ විනිසුරුවරියන් ගැන මාධ්‍යය වාර්තා පල කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව පවසන  අධිකරණ ඇමතිවරයා, මෙම කරුණු මූලික කර ගනිමින් “ඩ්‍රැකෝනියන්” නීති ගෙන සාදාරණය ඉටු කරන බව ද කියා සිටියේය.

අනාගත අනතුරක සංඥාවක් :
ඇමතිවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ෆ්‍රෙඩි ගමගේ මහතා, එය අනාගත අනතුරක සංඥාවක් බවත්, එය නිදහස් මධ්‍යයට අතිශය හානිකර වන්නා සේම එමඟින් රටට ඇති විය හැකි හානිය ඉතා බරපතල විය හැකි බවත් සඳහන් කළේය.

මේ ඔස්සේ අමාත්‍යවරයා ඇතැම් විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාප විවේචනය කිරීමේ අයිතිය “අධිකරණයට අපහස කිරීමක්” ලෙස හුවා දක්වා මාධ්‍යය නිදහස පැහැර ගැනීමට උත්සහ කිරීමක් දක්නට ලැබෙන බවත්, රටේ අධිකරණ පද්ධතිය දූෂිත නම් එය විවේචනය කිරීමට ඇති අයිතිය පැහැර ගැනීම සඳහා මෙවලමක් ලෙස විශේෂ අනපනත් සම්මත කර ගැනීම බරපතල කාරණයක් බවත් ඔහු පැහැදිලි කළේය.
 ‘යහපාලනයට’ යහපත් නැහැ :
‘ලංකා ඊ නිව්ස්’ කතුවරයා සමග පවතින පෞද්ගලික එදිරිවාදීකම පිරිමසා ගැනීම සඳහා මෙවැනි ප්‍රකාශ සිදුකිරීම ‘යහපාලනයේ පැවැත්මට’ යහපත් කාරණයක් නොවන බවද ෆ්‍රෙඩි ගමගේ මහතා කියා සිටියේය.

මෙහිදී අමාත්‍යවරයාගේ විවේචනය හුදු විවේචනයක් ලෙස බැහැර නොකරන බව පැවසු ෆ්‍රෙඩි ගමගේ මහතා, කෙසේවුවද අධිකරණයේ ගෞරවයට හානී කරන විවිධාකාර දුෂිත සහ වංචාකාරී විනිසුරුවරුන් හා ලිංගික අල්ලස් පවා ලබා ගෙන අධිකරණයේ ගෞරවය කෙළසා ඇති ඇතැම් අයවලුන් සම්බන්ධයෙන් විවේචන තව දුරටත් ප්‍රසිද්ධ විය යුතුවා මෙන්ම අධිකරණය ජනතාවාදී අධිකරණයක් බවට පත් කිරීම සඳහා එය අත්‍යවශ්‍යය බවද වැඩිදුරටත් කියා සිටියේය.
රාජපක්ෂලා පන්නපු වෙබ් අඩවියක් !
කෙසේවුවද අධිකරණ ඇමතිවරයාගේ ප්‍රහාරයට ලක්වූ ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය, රාජපක්ෂ පාලනය පෙරලා දමා ‘යහපාලන ආණ්ඩුවක්’ ගෙන එම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේ බොහොදුෂ්කරතා මාධ්‍යයේ ය.

වරෙක එහි කාර්යාලය පවා ගිනිබත් කල රාජපක්ෂවරුන්, එහි ක්‍රියාකාරී මාධ්‍යවේදියකුව සිටි ප්‍රගීත් එක්නැලිගොඩ මහතාවද අතුරුදහන් කළේය.

අනතුරුව තම ජීවිතාරක්ෂාව පතා රටින් පලාගිය එම වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධිර මහතාගේ ඇතැම් මාධ්‍යය භාවිතාවන් ‘ශ්‍රී ලංකා මිරර්’ හි අප කිසිඳු ලෙසකින් අනුමත නොකරන නමුදු, ඔහුට නිදහසේ සිය වෘත්තියේ නිරතවීමට ඇති අයිතිය ‘යහපාලන’ ආණ්ඩුව විසින් සහතික කල යුතු බවද අවධාරණය කර සිටිමු.
www.srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article