Sunday, May 5, 2024

ගජ මෑන්ට 50යි : කැමිලස්ට 76යි

Must read

%e0%b6%9c%e0%b6%a2%e0%b6%b8%e0%b7%91%e0%b6%b1%e0%b7%8a

ගජ මෑන් කාටුන් චරිතය පසුගියදා සිය 50 වැනි උපන්දිනයය සැමරුවේය.

ගජ මෑන් නිර්මාණය කළ කැමිලස් පෙරේරා මේවන විට 76 වැනි වියේ පසුවේ.

ගජ යනු ඇත්ත යන්නයි. මෑන් යනු මිනිසා යන්නැයි.

1939 දී උපන් කුරුකුලසූරිය එලිජියස් කැමිලස් පෙරේරාගේ ජීවිත කතාවද ගජ මෑන් තරම්ම රසවත් එකකි

කැමිලස්ගේ චිත්‍ර ඇඳීමේ හැකියාව මුලින්ම අගයකර ඇත්තේ කැමිලස් විසූ මීගමු වැල්ලේ ඔහුගේ නිවස ඉදිරිපිටට රා බොන්නට එන මීගමු මහා විද්‍යාලයේ ඉස්කෝලේ මහත්තයෙක්ය.

කෙසේවුවද, කැමිලස් දැවැන්ත කාටුන් ශිල්පියකු වන්නට ප්‍රථම පත්තර මහගෙදර වූ ලේක් හවුස් හට ඔහු ඇඳ තිබුණේ එක් චිත්‍රයක් පමණි.

ඒ විමලසිරි පෙරේරා මහතා සරසවිය කර්තෘ ලෙස කටයුතු කරද්දී “මට රා නොදුන් තෝ මැරිලා පලයන්” යනුවෙන් අන්දරේගේ කතා පුවතක් වෙනුවෙන් අදින ලද එකකි.එය පලව තිබුණේ 1964 වසරේදීය.

DakkothP 001

ලේක් හවුස් හි කාටුන් ඇදීමට නම් ජනප්‍රිය නමක් හදාගත යුතු යැයි කළ අවවාදය නිසා කැමිලස් ලේක් හවුස් හට චිත්‍ර ඇදීම අත්හරිද්දී ඇත්ත පත්තරේ කර්තෘවරයා වූ ඩී.බී. දනපාල කැමිලස්ගේ දක්ෂතාවය අගයකරමින් ඇත්තට කාටුන් අදින්නට ඔහු එක්කරගෙන තිබිණි.

ඒ අනුව කැමිලස් තෙපානිස් අඳිමින් කාටුන් ලෝකයට පය තැබුවේ 1966 නොවැම්ර් 20 වැනිදා අද වගේ දිනකදීය.

ඇත්තට කාටුන් ඇඳිල්ලත් කැමිලස්ට සිවුමසකට වඩා කිරීමට නොහැකි වී තිබේ.

ඒ ඇත්තෙන් කැමිලස්ට නෙගෙව්ව නිසාය.

ඉන් පසුව ඩී.එෆ්. කාරියකරවනගේ ජනතා පත්තරේ දොන් සේතං අදින්නට කැමිලස් කටයුතු කළේය.

නමක් හදාගෙන එන්නැයි කැමිලස්ට පාර්ට් දැමූ ලේක් හවුස් ලොක්කෝ ඉන් පසුව කැමිලස් සොයාගෙන ආවේ සරසවිය පත්තරයට කාටුන් ඇඳගන්නටය.

ඒ අනුව ඔහු සරසවියට දැක්කොත් පද්මාවතී ද ඊව්නින් ඔබ්සවර් එකට මිස්ට ලවාරිස්ද ඇන්ඳේය.

අලුත් අවුරුදු උදාවට පෙර අලුත් අවුරුද්ද සමරන්නට ඌරකු මරාදැමීමට පස්සෙන් දුවන කාටූනයක් ඇඳීම නිසා කැමිලස්ට ලේක් හවුස් හි වැඩ තහනම් විය.

ඉන් පසුව ඔහු අද, සතුට හා සිත්තර පත්තරවලටද කාටුන් ඇන්දේය.

කැමිලස්ගේ ගජමෑන් මෙන්ම සිරිබිරිස් හා මගෝඩිස්තුමාද ඔහු ඇඳි ජනප්‍රිය කාටූන් චරිතය.

සත්සිරි හරහා කැමිලස්ගේ ගජමෑන් කරළියට එන්නේ ඉන් පසුවය.

– කැළුම් ශිවන්ත

gajaman 002

DonSethan 003

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article