Thursday, May 23, 2024

අද සිට යළි වැසි තත්වයේ වැඩි වීමක්

Must read

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ වර්ධවනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට දිවයිනපුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඊට අමතරව සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article