Sunday, May 12, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රිගේ කින්නියා පිහිටි නිවසට ප්‍රහාරයක් !

Must read

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ (SLMC) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පිහිටි තව්ෆීක්ගේ නිවසට අද උදෑසන ප්‍රදේශයේ සිදුවූ පාරු ඛේදවාචකයෙන් පසු ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර සිටි.

මගීන් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාව පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු 6 දෙනකු මියගොස් 17 දෙනකු රෝහල්ගත කර ඇති අතර තවත් පිරිසක් තවමත් අතුරුදන්ව ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

වාර්තා වන අන්දමට, දීර්ඝ කාලයක් තිස්සේ පවතින කුරින්චන්කේනි පාලම ප්‍රතිසංස්කරණය කිරීම පමාවිම හේතුවෙන් මෙම යාත්‍රා සේවය ක්‍රියාත්මක කර ඇති අතර මෙම ඛේදවාචකයෙන් පසු අද දින කින්නියා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ද ඇතිවිය.මහමග ටයර් පුලුස්සමින් කඩසාප්පු වසා දමා ජනතාවට සිය විරෝධය පළකර තිබුණි.

බලධාරීන්ගේ නොහැකියාවට විරෝධය පළ කරමින් මහජනතාව පොලිසිය සමඟ ගැටුම්කාරි තත්වයක්ද සිදුව තිබුන බව එහි සිටින ප්‍රාදේශිය මාධ්‍යවේදින් පවසති.



ඡායා- නිව්ස්වයර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article