Thursday, May 2, 2024

අද සිට තද වැසි ! දිස්ත්‍රික් 7 කට අධි අවදානම් නිවේදන !

Must read

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

උපදේශනාත්මක කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ දිවයින හරහා සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි.

ඒ අනුව ගම්පහ, කෑගල්ල, කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක හතක් සඳහා අධි අවදානම් මට්ටමේ (රතු) අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article