Friday, May 17, 2024

ඇත්ත කියන්නේ කව්ද ? කැනඩා අගමැතිද? ඇමති සබ්රිද ?

Must read

කැනඩාව ත්‍රස්තවාදීන්ට ආරක්ෂිත නවාතැනක් වී ඇති බව පවසන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව අභූත චෝදනා ඉදිරිපත් කරන්නකු බව ඉන්දිය මාධ්‍යයකට ප්‍රකාශකර තිබෙන lankadeepa.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ

අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව අභූත චෝදනා ඉදිරිපත් කරන පුද්ගලයෙකු වීම හේතුවෙන් ඉන්දියාවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් නොවන බව ඉන්දු-කැනඩා රාජ්‍ය තාන්ත්‍රික ගැටුමට ප්‍රතිචාර දක්වමින් අලි සබ්රි පෙන්වා දී ඇතැයි වැඩිදුරටත් එහි සදහන්ය

ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූ බවට එවැනිම අසත්‍ය චෝදනාවක් අගමැති ජස්ටින් ටෘඩෝ කළ බවත් ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු නොවූ බව සැවොම දන්නා කරුණක් බවත් අමාත්‍යවරයා ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

අගමැති ජස්ටින් ටෘඩෝගේ එම ප්‍රකාශය ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර සබඳතා වලටද බලපෑමක් ඇති කළ බවත් එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු නොවූ බවට පැහැදිලිවම ප්‍රකාශ කළ බවත් අලි සබ්රි අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

කැනඩා විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු නොවූ බව ප්‍රකාශ කරද්දී, අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව ජන සංහාරයක් සිදු වූ බවට චෝදනා කිරීම පරස්පර විරෝධී බව ද අමාත්‍ය සබ්රි ප්‍රකාශ කර ඇත. ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම  අගමැති ජස්ටින් ටෘඩෝ සිදු නොකළ යුතු බව අමාත්‍ය සබ්රි පෙන්වා දී තිබේ.

අප රට පාලනය කළ යුත්තේ කෙසේදැයි කිසිවෙකු උපදෙස් ලබාදිය යුතු නැති බවත් අනෙක් රටවල අභ්‍යන්තර කටයුතු වලට කැනඩාව මැදිහත් නොවිය යුතු බවත් ප්‍රකාශකර ඇති අලි සබ්රි විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ශ්‍රී ලංකාවට අන් කිසිවෙකුටත් වඩා ආදරේ බව අවධාරණය කර තිබේ.

මේ අතර පසුගිය යුද සමයේ සිදුවු යුධ ඝාතන ජන සංහාරයන් බව කියමින් දමිල සමාජය  නිරන්තරයෙන්ම ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලා සිටිති.

අහිංසක සිවිල් ජනයා ඉලක්ක කරගනිමින් සිදුකර තිබේන ඝාතන රැසක් ඇති අතර ආරක්ෂාව පතා ආගමික් සථානවලට රැදි සිටි අයද මෙසේ ප්‍රහාර වලින් මිය ගොස් ඇතැයි ලංකාව රජයට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල වි තිබේ.

මේ පසුබිම තුල ඇත්තේ කියන්නේ කව්ද යන්න ඉතා පැහැදිලි යැයි නම සදහන් කිරිමට අකමැති මානව හිමිකම් ක්‍රියාධරයෙකු සිටිසන් පෝස්ට් වෙත කියා සිටියේය

මුලාශ්‍රය (lankadeepa.lk)
ඡායා- දලිඩර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article