Friday, May 17, 2024

එල්.ටී.ටී.යට අයත් ආයුධ සහ රත්‍රන් සෙවීමට කැණීම්

Must read

මුලතිව් මුල්ලිවයිකාල් බටහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වළ දැමූ අවි ආයුධ සහ රන් ආභරණ ඇති බව පවසමින් කැණීම් කටයුතු ආරම්භ කර තිබේ. මෙම කැණීම්  පසුගිය 25 වනදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන් මහතා ඉදිරියේදී සිදුකරන ලදී.

25 වනදා  පස්වරු 2.30ට පමණ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව අධිකරණ අවසරය ලැබීමෙන් පසු කැණීම් කටයුතු ආරම්භ කෙරිණි.

පොලිසිය, විශේෂ ක්‍රියාකාරි බළකාය, යුද හමුදාව, ග්‍රාමසේවා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ අධිකරණ වෛද්‍ය පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කැණීම් කටයුතු සිදුවෙමින් පවතී.

ෂන්මුගම් තවසිලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article