Friday, May 17, 2024

අතුරුදහන්වූවන්ගේ කාර්යාල පණතට ජනපති අත්සන

Must read

Maithripala-Sirisena-1අතුරුදහන්වූවන් පිලිබද පරීක්ෂණ කටයුතු කිරීම සදහා කාර්‍යාලයක් පිහිටුවීමේ පණතට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතසන් තබා තිබෙනවා. ඒ පිලිබදව අදහස් දක්වමින් ජනපති පවසා ඇත්තේ මෙරටතුල ස්ථිරසාර සාමයක් ඇති කිරීම සදහා මේ කාර්යාලය ඉදිරි පියවරක් වනු ඇති බවයි.

එලෙසම මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් විදේශකටයුතු අමාත්‍යය රවී කරුණානායක මහතා පවසා ඇත්තේ මෙම කාර්යාලය මගින් යුධ සමයේ සිදුවූ අනතුරුදහන්වීම් මෙන්ම පසුගිය ජේ.වී.පී.කලබල පැවැති සමයේ සිදුවූ අතරුදහන්වීම් පිලිබදවත් පරීක්ෂණ පැවැත්වෙනු ඇති බවයි.  මේ කාර්යාලය පිහිටවූයේ ත්‍රිවිධ හමුදාවේ හමුදා නිලධාරීන්ට දඩුවම් කිරීමට යැයි යන වැරදි මතයක් මේ වන විට ජනතාව  අතරඇති බවත් පැවසූ අැමති කරුණානායක පවසා ඇත්තේ මේ කාර්යාලය විවෘත මෙන්ම ස්වාධීන කාර්යාලයක් වන නිසා වැරදි සිදුනොකල කිසිවෙකු මේ කාර්යාලය සම්බන්දටයන් බිය විය යුතු නැති බවයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article