Friday, May 17, 2024

රණවිරු සේවා අධිකාරියේ නම විකුණා මුදල් ගැරිමේ ජාවාරමක් ! ඔබත් අසුවුණාද ?

Must read

Shadoරණවිරු සේවා අධිකාරිය නමින් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මුදල් කොල්ලකෑමේ ජාවාරමක් පිලිබඳ තොරතුරු  වාර්ථා වේ. රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානකය කල මොටර් ක්‍රොස් තරගාවලියකට අදාළ ටිකට් පත් දිනුම් ඇදීමකින් ජයග්‍රහණය කලා යැයි පවසමින් ඊට අදාළ ත්‍යාගය ලබා ගැනීමට අවශ්‍ය මූලික ගෙවීමක් කල යුතු යැයි පවසමින්  ඒ හරහා මුදල් කොල්ලකෑමේ සංවිධානගත ජාවාරමක් ක්‍රියාත්මක වේ.මේ වන විටත්  මෙයට හසුවූ විශාල පිරිසක් සිටියි. මේ පිළිබද රණවිරු සේවා අධිකාරියද දැනුවත් නමුත් තවම මෙම ජාවාරම රිසි සේ කරගෙන යයි.
   මෙම සිදුවීමට මෑතකදී මුහුනු දුන් අයෙකු විසින් මුදල් නොගෙවා බේරී ඇත්තේ මේ පිළිබඳව ඔහු යම්කිසි සොයා බැලීමක් කල හෙයිනි. මීට දින කිහිපයකට පෙර පහත් සඳහන් ලිපිය ඔහුගේ නිවසේ ලිපිනයට පැමිණ ඇත.
  එහි සඳහන් දුරකථන අංක වලට කතා කල ඔහුට පවසා ඇත්තේ  එදින තැයාග බෙදා දීමේ උත්සවය ජනාධිපතිතුමාගේ සහභගීත්වයෙන් පැවත්වෙන බවත් එය ලබා ගැනීමට නම් විගස පැමිනෙන හෝ ත්‍යාගය වෙන් කර තැබීමට නම් රුපියල් 40000 හතලිස්දාහක්  ලංකා බැංකුවේ   :BOC, 80380414, S.A Weerawardana මෙම ගිනුම් අංකයට ගිනුම් ගත් කරන ලෙසයි.
                  මේ ගැන සැක ඇති වූ ඔහු විසින් වෙනත් මාර්ගයෙන් රණවිරු සේවා අධිකාරියෙන් විමසන ලදි.එහිදී ලැබෙන පිළිතුර වන්නේද මෙය කිසියම් ජාවාරමක් බවත් රණවිරු සේවා අධිකාරිය කිසිදු දිනක දිනුම් ඇදීමේ ටිකට් පතක් මුද්‍රණය කොට නැති බවත්ය. මෙම ජාවාරම පිළිබඳව ඔවුන්ද දැනුවත් බවත්  පැමිනිලි කිහිපයක්ම ලැබී ඇතත් ඔවුන් විසින් සී අයි ඩිය වෙතද පිමිනිලි කර තිබෙන බව දැනුවත් කර තිබේ.
                   මෙහි සඳහන් දුරකථන අංක 4 ම එක්  එක් අවස්ථාවලදි ක්‍රියා විරහිත කර ඇත. නමුත් එක් දුරකථන අංකයකින් බ්‍රිගේඩියර් සමන්ත නමින් පෙනී සිට ඇත. මෙම දුරකථන අංකය හෝමාගම ප්‍රදේශයේ  J A Samantha Jayasinghe, Samagi Mawatha, Homagama ලිපිනයට දින කිහිපයකට පෙර ලියාපදිංචි කල අංකයකි. ඔවුන් විසින් ලබා දුන් බැංකු ගිණුමද දෙණියායේ ලංකා බැංකුවේ ලියාපදිංචි කල ගිණුමකි.මෙම ලිපිනයේ සඳහන් ජෙනරල් මෝටර්ස් නමින් පෙනී සිටිනා ආයතනයද පිහිටි ස්ථානයද ව්‍යාජ එකකි. එම ලිපිනය තිබෙන ස්ථානයේ එවැනි ආයතනයක් නැති බවද වාර්තා වේ. මෙම සිදුවීම මුහුන දුන් පුද්ගලයා විදේශ ගත වී රැකියා කරයි. ඔහු විසින් මසකට ලංකාවට පැමිනියේ යම් ලියකියවිලි සැකසීමක් සඳහාය. එහිදී ඔහු විසින් තමන්ගේ ලිපිනය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට හා නම වෙනස් කල විට පුවත්පතක දැන්වීමක් ලෙස පළ කර තිබේ. ජාවාරම්කරුවත් අතට තම ලිපිනය යැවෙන්නේ පුවත් පත් මර්ගයෙන් හෝ ප්‍රදේශීය ලේඛම් කාර්‍යලය මඟිනි.
    රටක ජනාධිපතිගේ නම ද සඳහන් කරමින්  හා ත්‍රිවිධ හමුදාවේ මෙන්ම රණවිරු සේවා අධිකාරිය යන රාජ්‍ය ආයතන වල නම් පරිහරණයට ගනිමින් කරගෙන යන මෙම ජාවාරම පිළිබඳ පුලුල් ලෙස සොයා බලන මෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් හා ජානාධිපති කාර්‍යලයද මේ පිළිබඳ දැනුවත්ව සොයා බලන ලෙස ඉල්ලා සිටිමු.මෙවැනි ජාවාරම් වලට නොරැවටෙන ලෙසද මේ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසද අන් අය දැනුවත් කිරීම වැදගත් වේ.
hora letter
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article