කොළඹ, ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත දුම්රිය පටුමග ආසන්නයේ ඇති වූ හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ඊයේ (13) පස්වරු 2.15ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, පැල්පත් නිවාස 21කට ආසන්න ප්රමාණයක් ගින්නට හසුව ඇති බව වාර්තා වේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 4ක් යොදවා ඇති අතර, මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව සඳහන්ය.

ගින්නෙන් දේපළ හානි සිදුව ඇතත් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ අතර, ගින්නෙන් සිදුවූ හානිය සහ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්රායි කැලී බල්තසාර් මහත්මිය ද එම ස්ථානයට පැමිණ සිටියාය.
ඡායා – ආණ්ඩුව.lk




