Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ළිඳකට වැටී මිය ගිය දරුවෙකු ගැන සැකපිට පියා අත්අඩංගුවට

Must read

වාලච්චේන  ප්‍රදේශයේ දී  පොලිස් කොට්ඨාශයේ ,  පිරින්දුරයිචේන ප්‍රදේශයේදී  දී අද (10 ) වයස 04ක පුංචි පිරිමි ළමයෙකු මියගොස් තිබිය දී  නිවස ඉදිරිපිට  ළිඳක තිබී  හමුවී තිබේ.
මෙම සිදුවීම  සිදුවී ඇත්තේ ඊයේ රාත්‍රී 11 ට පමණය. මෙම දරුවා  දෙමව්පියන් සමඟ නිදා සිටියදී පිරිමි ළමයා අතුරුදන් වී ඇති බවත්, පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසු දරුවා නිවස ඉදිරිපිට පිහිටි ළිඳක තිබී මියගොස් ඇති බවත් දෙමාපියන් පොලිසියට පැවසීය. මෙලෙස දරුවා අහිමිවී ඇත්තේ  ළමුන් සිව්දෙනෙකුගේ  පියෙකු වන  එම්.එම්. නලීම් එම්.ආර්. සිද්ධි සමීර යුවළයි.  මෙලෙස මියගොස් ඇත්තේ ඔවුන්ගේ තෙවන දරුවා වන   නලීම් හබිල් වේ. මෙම  මරණය සිදුවී ඇති ආකාරය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට ඔහුගේ පියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 


රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article