ලිබියා වෙරළ තීරය ආශ්‍රිතව යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එම යාත්‍රාවේ සිටි පුද්ගලයන් 50 දෙනෙකු පමණ අතුරුදන් වී තිබෙනවා. මෙම යාත්‍රාව සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් බවයි වාර්ථා වන්නේ.අතුරුදහන් වූ පුද්ගලයන් දියේ ගිලී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. මෙම අනතුරින් පුද්ගලයින් 8දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 35 දෙනෙකු දිවි බේරා ගත් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ. ලිබියාවේ සබ්බ්‍රාතා වෙරළ තීරයෙන් පිටත් වූ එම යාත්‍රාවේ මගීන් සිය දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.
ලිබියා වෙරළ තීරය ආශ්‍රිතව සිදුවූ යාත්‍රා අනතුරකින් 50කට අධික පිරිසක් අතුරුදන්.
