Sunday, May 5, 2024

සාර්ක් වෛද්‍යවිද්‍යාලය ශ්‍රී ලංකාවට?

Must read

z_p02-Lanka

සාර්ක් වෛද්‍යවිද්‍යාලයක් ඉදිකිරීම සම්බන්දයෙන් වන ඉදිකිරීම් සැලැස්ම මේ වසරේ දෙසැම්බර් වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබෙනවා.ඔහු මේ අදහස් දක්වා ඇත්තේ පසුගියදා කොළඹදී පැවැති සාර්ක් සංවිධානයේ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමකදීයි.

එලෙසම මෙම රැස්වීම් අවස්ථාවේදී මෙම සාර්ක් වෛද්‍ය විද්‍යාලයේ ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට වන යෝජනාවක්ද රාජිත සේනාර්ත්න අමාත්‍යවරයා විසින් කර ඇති අතර ඒ අනුව එම වෛද්‍යවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට අවධානය යොමු කිරීමටත් සාර්ක් සංගමයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව සාර්ක් සංවිධානයට අයත් රටවල් වල ජීවත් වන සිසුන්ට සහනදායී අයකිරීමක් යටතේ වෛද්‍යවිද්‍යාව හැදෑරීමටත්,වෛද්‍ය උපාධි ලබාගැනීමටත් හැකිවනු ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීමේදී සදහන් කර ඇතැයි වාර්ථා වේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article