අද(11) දිනයේදී රුසියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 7 දෙනකු හා ගුරුවරයෙකු මියගොස් තවත් 18 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රුසියාවේ “කසාන්” නම් නගරයේ පිහිටි පාසලකය. මියගිය පාසල් දරුවන් අතරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙඩි තැබීමෙන් බේරීම සදහා තුන්වන තට්ටුවෙන් පහළට පැනීමෙන් බවද වාර්තා වෙයි.