Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

නාමල් කුමාරගේ මකා දැමූ හඩපට CIDයට

Must read

(5.00PM) දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර නැමැත්තාගේ දුරකථනයෙන් මකා දමා ඇති හඩ පට නැවතත් ලබාගැනීමට හැකිවූ බව රහල් පොලීසිය විසින් අද දිනයේදී (19) අධිකරණයට දන්වා ඇත. ජනාධිපති සිරිසේන හා හිටපු ආරක්ෂක ලේඛම් ගොඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කල බවට කියන සිද්ධියට සම්බන්දයෙන් සිදුකරන පරීක්ෂණ වලදී මෙම දුරකථන හඩපට නැවත ලබාගැනීමට අධිකරණය විසින් පසුගියදා නියෝග කලේය.

හොංකොං හි “ඩේටා එක්ස්පර්ට් ” නම් ආයතනය මගින් මකාදැමූ දුරකථන දත්ත ඇතුලත් 39GB පෙන්ඩ්‍රයිවය හා පිටු 60කින් යුතු වාර්ථාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවද ඔවුන් විසින් අධිකරණය දැන්විය. අද දිනය තුල එම වාර්ථාවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article