Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

රිෂාඩ්,මනෝ හා මලික් ඇමතිධූර ප්‍රතික්ෂේප කරයි.

Must read

malik rishad mano(4.00PM) එක්සත් ජාතික පෙරමුණ විසින් ව්‍යවස්ථානුකූළව අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමා කිරීමට තීරණය කිරීමත් සමග ඊයේ (18)  දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම හමුවූ අවස්ථාවේදී අමාත්‍යධූර ලබානොගෙන සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා තීරණය කර ඇත.

මෙම තීරණය සම්බන්දයෙන් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිනුමේද පණිවිඩයක් යොදා ඇති අතර එහිදී මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ද සිය ස්ථාවරයේම සිටින බවයි. ඒ අතරම දේශපාලන ආරංචි මාර්ග වලට අනුව මලික් සමරවික්‍රම මහතාද සිය අමාත්‍යධූරය ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත එක්සත් ජාතික පෙරමුණේ ජේෂ්ඨයන්ගේ මතය වී ඇත්තේ පෙරමුණ නියෝජනය කරන සියළු පක්ෂවල නායකයන් කැබිනට් අමාත්‍යධුර දැරිය යුතු බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article