Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ බරපතල අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබයි

Must read

​දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ගමන් ගන්නා මංතීරුවේ, ගැලනිගම හුවමාරුව අසලදී වාහන 10කට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටීමෙන් බරපතල අනතුරක් සිදුව තිබේ.

​මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මේ වන විට අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ඇති ගමනාගමනය තාවකාලිකව එක මංතීරුවකට සීමා කර ඇත.

​අනතුරට ලක්වූ වාහන ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පොලිසිය සහ අධිවේගී මාර්ග බලධාරීන් කටයුතු කරමින් සිටින අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article