තමන්ගේ කීර්ති නාමයට හානිවන අයුරින් කටයුතු කලායැයි පවසමින් දෙරණ නාලිකාවට හා හිටපු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට විරුද්ධව එක් අයෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින් වන්දියක් ඉල්ලමින් නඩුවක් පැවරීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද කටයුතු කලේය. ඔහු මෙම නඩුව පවරනු ලැබුවේ කොළඹ දිසා අධිකරණයේදීයි.
ජොන්ස්ටන්ගෙන් හා දෙරණෙන් මිලියන 1000ක් ඉල්ලා අනුර අධිකරණයට
