Sunday, May 19, 2024

අලි මිනිස් ගැටුම විසදන්න මීමැස්සන්

Must read

1516677786-Sound-of-honey-bees-human-elephant-conflict-in-Sri-Lanka

ශ්‍රී ලංකාවේ ජීවත්වන අලියන් ඇතුළු සියළු ආසියාතික අලීන් අප්‍රිකානු අලියන් සේම මීමැස්සන්ගේ ශබ්දයට බියක් දක්වන බව පරීක්ෂකයන් විසින් හෙලි කරගෙන තිබෙනවා.
මින් පෙර අවස්ථාවන් කිහිපයකදීම ස්වාභාවික අනතුරු වලට අප්‍රිකානු අලියන් විසින් ප්‍රතිචාර දක්වන ආකාරය පරීක්ෂකයන් විසින් අධ්‍යනය කරන ලද අතර මේ අවස්ථාවේදී එම පරීක්ෂණ ආසියානු අලියන් යොදා ගනිමින් සිදුකර තිබෙනවා. එහිදී හෙලිවී ඇත්තේ ආසියාතික අලියන්ද මීමැස්සන්ගේ ශබ්දයට බියක් දක්වන බවයි.

එලෙසම මින් පෙර අවස්ථාවන් වලදී සිදුකල පරීක්ෂණ වලින් හෙලිවී ඇති ආකාරයට ආසියානු අලියන් අප්‍රිකානු අලියන්ට සාපේක්ෂව 10 ගුණයක් ප්‍රචණ්ඩ හැසිරිමකින් සමන්විත බවයි.  එමනිසා මුල්කාලීනව අප්‍රිකානු අලියන් යොදාගනිමින් සිදුකල මෙම පරීක්ෂණය මේ වන විට උඩවලව වනෝද්‍යානය තුලදී මෙරට ජීවත්වන අලියන් යොදාගනිමින් සිදුකරමින් පවතින අතර ඉන් යහපත් ප්‍රතිපල ලැබුණහොත් මේ වන විට පවතින අලිමිනිස් ගැටුමට විසදුමක් මෙමගින් ලබාගැනීමට හැකි වනු ඇතැයි මෙම පරීක්ෂකයන් පෙන්වා දෙනවා.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article