පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක පසුගිය 13 වනදා ගෑස් සිලින්ඩරයක් පිපිරී යාමෙන් බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්රතිකාර ලබමින් සිටි 19 වියැති විවාහක කතක් ඊයේ (25) සවස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය අංක 68 ලිපිනයේ පදිංචිව සිටි බී.ජී. අයේශා කුමුදුනි යන අය බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.